
එසේ කියා නිකම්ම නොසිටි හිරුණිකා පුංචි කාලයේ ජනාධිපතිවරයාගේ අතේ එල්ලී දුවපැන ඇවිද්දාක් මෙන්ම ජනාධිපතිවරයාගේ අතින් අල්ලාගෙන පසෙකින් තිබූ සැටියක් වෙත ජනාධිපතිවරයා කැදවාගෙන ගියාය.
ජනාධිපතිවරයාගේ සැටියේ වාඩිවූ පසු හිරුණිකා එතැනම බිම දණ ගසා වාඩි වූවාය.
එසේ වාඩි වූ ඇය ජනාධිපතිවරයාගේ මුහුණ දෙස බලාගෙනිඉස්සර වගේම මට ආදරේද?’යැයි ඇසුවාය. එවිට ජනාධිපතිවරයා ඉතා සංවේදීව කීවේිමොකද මම ඔයාට ආදරේ නැත්තේ, දුලා නැති අපේ පවුලේ දුව ඔයානේ’ කියාය.
එසේ කියා ජනාධිපතිවරයා මොහොතක් නිහඩව සිට යළිත් කතා කරන්නට පටන් ගත්තේය.ිඒත් පසුගිය කාලේ ඔයා මටයි ආණ්ඩුවටයි හොදටම දොස් කිව්වානේ. ඒකයි මම ටිකක් සද්ද නැතුව හිටියේීයැයි ජනාධිපතිවරයා කියද්දී, හිරුණිකා කීවේිමම මගේ තාත්තාට කොච්චර ආදරෙයිද කියලා ඔබතුමා දන්නවනේ. නඩුව තියෙන හැම දවසකදීම මම මගේ තාත්තාගේ මිනීමරුවෝ දකිනවා. මම කොහොමද ඒක ඉවසන්නේ කියාය
No comments:
Post a Comment