
කලින් කලට විවාහය පිලිබඳ විවිධ මත පලකළ අනර්කලී ආකර්ෂා ඉදිරි මාස කිහිපය තුල විවාහ වීමේ සූදානමක් ඇතිබව මෙයට පෙර අප විසින් හෙළිකරන ලදී. අනර්කලී විවාහය උදෙසා මේ දිනවල ඇමෙරිකාවට ගොස් ඇති අතර ඇය සමග ලංකාවේ නමගිය රූපලාවන්‍ය ශිල්පීන් හා මංගල ඇඳුම් සකසන්නන් මෙන්ම ඡායාරූප ශිල්පීන් කිහිපදෙනෙකුද ඇමෙරිකාවට ගොස් ඇත.
ඇය මේ හාදකම ආරම්භ කර ඇත්තේ පසුගිය කාලයේදී රොයි ද සිල්වා හා සුමනා අමරසිංහගේ චිත්‍රපටයක රූගත කිරීමකට ඇමරිකාවට ගොස් සිටියදී බවද පැවසේ. තමා හා ඩිෂාන් පෙනී සිටින ඡායාරූපයක් සිය ෆෙස්බුක් පිටුවේ පළ කරමින් අනර්කලී සඳහන් කර ඇත්තේ, ඩිෂාන් සමග විවාහ වෙනතුරු මට ඉවසිල්ලක් නෑ ලෙසයි. දිෂාන්ගේ හා අනර්කලීගේ විවාහය මෙම වසරේ සිදුකිරීමට සියළු කටයුතු සූදානම් කර ඇති බවද මේ අතර වැඩිදුරටත් වාර්තා වෙයි.
No comments:
Post a Comment